Whatsapp අපි ගොඩක් අය භාවිතා කරන දුරකතන යෙදවුමක්. බොහෝ අය මේක පාවිච්චි කරන්නේ මුලිකව පණිවුඩ හුවමාරුව හා ඇමතුම් ලබාගන්නයි. ඊට අමතරව ඡායාරූප හුවමාරුව ආදී මුලික කටයුතු සඳහායි. අද මේ ලිපිය වෙන්කරන්නෙ Whatsapp වල පවතින බොහෝ දෙනෙක් භාවිතා කරන්න නොදන්නා විශේෂාංග ගැනයි.
1. Message Backup
ඔබ විසින් යවන ලද හෝ ඔබට ලද පණිවුඩ සියල්ල බැකප් එකක් ලෙස සේව් කරන්න Whatsapp මගින් අවස්ථාව සලසා දෙනවා. ඒමගින් ඔබ වට්ස් ඇප් අලුතින් හෝ නව දුරකතනක ස්ථාපනය කරද්දි පරණ ස්ථාපනයේ නැවතුන තැනින් අලුතින්ම පටන් ගන්න පුළුවන්.
මේ බැකඅප් එක සිද්ධ වෙන්නේ අපේම GDrive එකට නිසා කාටවත් හොරෙන් ගන්නත් බෑ. මෙතන තියෙන ඔප්ශන් හරහා බැකඅප් විය යුතු කාල පරිච්ඡේදයන් වගේම mobite data/wifi අවස්ථාවල බැකප් කලයුතු අයුරු සැකසිය හැකිය.



2. Email Chat History
Whatsapp වල අපි කරපු චැට් එකක් සම්පුර්ණයෙන්ම ඊමේල් කරගන්න පුළුවන්. ඒකට ඇතුලත් ඡායාරූප හා විඩියෝ සමගින්ම. දැන් මේ චැට් එක හෝ චැට් කිහියක් සිලෙක්ට් කරලා අපිට අවශ්‍ය ඊමේල් ලිපිනයට යවන්න හැකියි.

3. Whatsapp Text Formatting
Whatsapp මැසේජ් යවන කොට ඒ වගේ අකුරු format කරන්න පුළුවන්. ඒකිවේ Bold – තද කළු අකුරු Italic – ඇද වුණ අකුරු වගේ ඇතුලත් කරලා.
තද කලු අකුරු නම් ලෙස අදාල වචනය හෝ වාක්‍ය ආරම්භයට හා අවසානයට * ලකුණ ඇතුලු කරන එකයි.
උදා – *Hello*
තද කලු අකුරු නම් ලෙස අදාල වචනය හෝ වාක්‍ය ආරම්භයට හා අවසානයට * ලකුණ ඇතුලු කරන එකයි.
උදා – *Hello*

ඇද අකුරු සඳහා නම් වචනය හෝ වාක්‍ය ආරම්භයට හා අවසානයට_ ලකුණ ඇතුලු කරන එකයි.
උදා – _hello_ 

කපාහරින ලද වචන වාක්‍ය (Strikethrough) වාක්‍ය ආරම්භයට හා අවසානයට ~ ලකුණ ඇතුලු කරන එකයි.
උදා – ~hello~
උදා – ~hello~

මීට අමතරව ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් හරි ඇපල් පෝන් එකේ Whatsapp මැසේජ් එකක ටයිප් කරන අතර තුර කෙටිවෙලාවක් ටැප්&හොල්ඩ් කිරීමෙන් more /biu වෙත පිවිසිලා මේ text format කරන්නත් පුළුවන්.
5. පින්තූර වල Quality එක අඩු නොකර යවමු.
සාමාන්‍යයෙන් Whatsapp හරහා යවන පින්තූර වල කොලිටි එක compress වෙලා යන නිසා මුල් quality එකෙන්ම යවන්න අමාරුයි. ඒක නිසා අපි තෝරගන්න අවස්ථාවේ දි Gallery එක නැතිව document එකක් විදියට තෝරලා යවන කොට මුල් ගොනුව ඒ අයුරින්ම යනවා.

6. පරිගණකය ඔස්සේ භාවිතා කරමු
මුල් අවධියේදී Whatsapp මගින් ඩෙක්ස්ටොප් ඇප් එකක් ලබා දී තිබුණ ද මේ වන විට එම සේවාව අක්‍රිය කර තිබෙනවා. නමුත් web.whatsapp.com වෙත පිවිසිලා අපිට Whatsapp පරිගණකය ඔස්සේ භාවිතා කරන්න පුළුවන්. මුලින් අපිට දෙන QR කෝඩ් එක අපේ දුරකතනයේ Whatsapp හරහා scan කරාම අපේ ගිණුමට පිවිසෙන්න පුළුවන්. හැබැයි මේකට දුරකතනයත් පරිගණකයත් දෙකම Internet කනෙක්ට් වෙලා තියෙන්න ඕන.

7. Group චැට් එකේ මැසේජ් බලපු අය කවුද
Whatsapp Group චැට් එකට ඔයා යවපු මැසේජ් එක දැක්ක අය කියවපු අය කවුද කියලා බලාගන්න නම් මුලින්ම යවපු මැසේජ් එක උඩ ටැප්&හොල්ඩ් කරාම උඩින් ඔයාට i – info button එක පෙන්නාවී. ඒක ක්ලික් කරාම ඔන්න මැසේජ් එක ලැබුණ අය ලැබුණ වේලාව කියෝපු වේලාව ඔක්කෝම බලාගන්න පුළුවන්.

8. Group Chat නැතිව එකම මැසේජ් එක හැමෝටම යවමු.(broadcast message)
එකම මැසේජ් එක අපේ සම්පූර්ණ කන්ටැක්ට් ලිස්ට් එකටම එකවර යවන්න තිබුණානම් කොච්චර පහසුවක් ද. ඒවගේම ඒක තවත් group එකක් නොවී personal මැසේජ් එකක් විදියට යවන්න තමයි බ්‍රෝඩ්කාස්ට් එක තියෙන්නේ.

9. Create GIFs in WhatsApp
Whats app මගින් තත්පර 6ක පමණ වීඩියෝවක් රෙකොඩ් කරාට පස්සේ Whatsapp විසින් ඒක Edit කරන්න පෙන්නුම් කරනවා. ඒ වෙලාවේ trim කිරීමට හැකි අතර දකුණු පස ඉහලින් format එක විඩියෝ ලෙස හෝ GIF ලෙස තෝරාගන්න පුළුවන්
මේක කරන්න පුළුවන් තත්පර 6කට අඩු වීඩියෝ වලට විතරයි

beebom.com
10. Pin Chats to the top (Android only)
අපිට කැමති චැට් එකක් හරි චැට් ගෘප් එකක් හරි Whatsapp වල උඩින්ම පෙන්වන්න සකසන්න පුළුවන්. කරන්න ඕන අදාල චැට් එක හෝ ගෘප් එක සිලෙක්ට් කරාම උඩින් එන පින්
එක එබුවා නම් හරි.



0 Comments