Home
About
Contact
Subscribe Us
Home
Features
_Multi DropDown
__DropDown 1
__DropDown 2
__DropDown 3
_ShortCodes
_SiteMap
_Error Page
Mega Menu
Documentation
_Web Documentation
_Video Documentation
Download This Template
Download This Template
Home
Mobile app run pc සිංහලෙන් Part 01#
Mobile app run pc සිංහලෙන් Part 01#
LASITHA DILSHAN@
7:39 PM
Lasithadilshan74@gmail.com
සමහර Mobile Games, Apps වගේ දේවල් අපි භාවිතා කරන Smart Phone එකේ RAM එක, GPU එක වගේම Storage වගේ දේවල් මදිකම නිසා අපේ Device එකේ භාවිතාකළ නොහැකි වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇති.
ඒ වගේම නිතරම ඔයා Computer එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ Laptop එකෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාට අත්‍යවශ්‍ය වගේම කැමතිම Apps වගේ දේවල් භාවිතා කරන්න Mobile එක දිහා නිතර බලන්න වෙන එක ටිකක් කරදර වැඩක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
අවශ්‍යය නම් අපිට
Android-x86
හෝ
RemixOS
වගේ Android මෙහෙයුම් පද්ධතිය Laptop එකේ හරි Desktop පරිගණකයේ හරි මෙහෙයුම් පද්ධතියක් විදිහට install කරගැනීමේ හැකියාවක් ද තිබෙන නමුත් බොහෝ වෙලාවට අපිට එදිනෙදා වැඩ කරගන්න Windows, Linux හෝ macOS වගේ පරිගණක වලට විශේෂයෙන්ම නිර්මාණය කරපු Operating system එකක් භාවිතා කරන එක අපිට ලොකු පහසුවක් වෙනවා.
ඉතින් මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට Android emulators භාවිතා කරන්න අපිට පුලුවන්. සරළව කිව්වොත් emulator එකෙන් කරන්නේ ඔයාගේ Computer එකේ සාමාන්‍ය Software එකක් වගේ Run වෙලා ඔයාගෙ PC එක ඇතුළෙම Android Environment එකක් එහෙමත් නැතිනම් Android Run කරන්න පුලුවන් පරිසරයක් හදන එක.
ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතා කරන වගේම භාවිතයට ගොඩක් හොද Features තියෙන emulators කිහිපයක් විදිහට
Bluestacks
,
NoxPlayer
,
Memu
වගේම බොහෝ දෙනා PUBG mobile වගේ Android ගේම්ස් Play කරන්න භාවිතා කරන
Tencent Gaming Buddy
හදුන්වාදෙන්න පුලුවන්.
සමහර වෙලාවට අපේ පරිගණකයේ යම් යම් දේවල් අත්හදා බලන්න ඕන වුණාම virtual machine නිර්මාණය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Android Emulators එක එක නම් වලින් තිබුණත් හැම emulator එකකම වගේ වෙන්නේ වෙන්නෙත් මෙන්න මේ වගේම දෙයක්.
සාමාන්‍යයෙන් Android මෙහෙයුම් පද්ධතිය සාමාන්‍යය විදිහට run වෙන්න නම් අවම තරමින් අපිට ඒකට dedicated 1GB වත් RAM එකක් දෙන්න වෙනවා. ඒ වගේම Processor එකෙන් core එකක් හෝ කිහිපයක් වගේම CPU Virtualization කියන feature එකත් මෙතනදී performance වලට ගොඩක් වැදගත් වෙනවා.
ඉතින් මේ දේවල් වලට ඔයාගේ PC එකේ අඩු තරමින් 2GB RAM එකක් වගේම 4GB වගේ space එකක් තියෙන්නත් වුවමනා වෙනවා. ඒ වගේම ඔයා games play කරන්න බළාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ graphic drivers ගැනත් අවධානය යොමු කරන්න ඕන වෙනවා.
මේ දෙවල් ටික සම්පූරණ නම්, පහත තියෙන website වලින් එකකට ගිහින් ඔයා කැමති emulator එකක් download කරලා install කරගන්න පුළුවන්.
Bluestacks
NoxPlayer
Memu
Tencent Gaming Buddy
ඒ වගේම ඔයා PUBG, Free fire වගේ Play කරන්න නම් Tencent gaming buddy වගේ emulator එකක් ගන්න එක මොකද ඒ emulator එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ මේ PUBG වගේ Games Play කරන්නමයි.
සමහර විට මේ ගැන ඔයත් ගොඩක් දේවල් දන්නවා ඇති, එහෙමත් නැතිනම් Emulator එකක් භාවිතා කරද්දී ගැටළුවකට මුහුණදෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයා තනිවෙලා නැහැ.
අ
pitඇවිත් ඒ ගැන අපිට කියන්න අමතක කරන්න එපා
Post a Comment
0 Comments
Labels
Social Plugin
Popular Posts
Subscribe Us
Technology
3/Technology/post-list
0 Comments