Facebook අපි හැමෝම සැරිසරන මාධ්‍යයක්. හැමෝටම වගේ ගිණුමක් මිතුරු පිටුවක් ආදි තියෙනවා. ඉතිම් හැමෝම මේ Facebook ප්‍රමුඛ අංග ගැන දැනන් හිටියට මේ වගේ තියෙන විශේෂාංග උපක්‍රම ගැන දන්නේ නැ. අද අපි හිතුවා මූණ පොතේ තියෙන තවත් විශේෂාංග නැතිනම් වැඩිය කට්ටිය භාවිතා නොකරන නමුත් වැදගත් වන අංග කිහිපයක් ගැන කතා කරන්න. හොදනම් මේ ලිපිය අනිත් අය එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.
01. Facebook හි ගත කල කාලය ගණනය කිරීම – Time Calculation
ඔබ Facebook හි වැඩි කාලයක් වැය කරමින් සිටිනවා ද නැද්ද මේ වන විට කොපමණ වේලාවක් ඒ වෙනුවෙන් වැය කරනවා ද ආදී වශයෙන් දැන ගෙන කාලය කළමණාකරණය කරන්න සිතනවා නම් මේ උපයෝගය ප්‍රයෝජනවත් වේවි. මේක තියෙන්නේ ඇප් එක තුල පමණයි. වෙබ් යොමුවෙන් මේක ලබාගන්න බැහැ. තෙවන පාර්ශවයකට මේ කාර්යය පැවරීමක් හෝ ඇන්ඩ්‍රොයිඩ් 9 හි එන Digital Wellbeing Features එකක් විදියට හෝ ඇපල් හි එන Screen Time විදියට බලා නොඉද භාවිතා කරන්න හැකීයි.
මේ මගින් ප්‍රස්ථාර ආදිය ඇතුලත්ව ඔබගේ භාවිත කාලයන් එක්කම විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් විදියට Facebook ඇප්ලිකේෂණය හරහාම බලාගන්න හැකිවීම විශේෂයි.

02. Facebook භාවිත කාලය සීමා කිරීම Limit Facebook Usage
ඉහත කී විශේෂාංගයේම දිගුවක් විදියට මෙය හදුන්වන්න හැකියි. එනම් ඔබට ඇප්එක හරහාම භාවිතය සීමා කරන්න පුළුවන් වේලාව ප්‍රමාණය භාවිත කාලය ආදිය ඔබට සැකසීම් හරහා ලබා දෙන්න පුළුවන්.

03. තෙවන පාර්ශවීය ඇල්පිකේෂණ කාණ්ඩ වශයෙන් ඉවත් කිරීම – Manage Third Party Apps
බොහෝමයක් පරිගණක ක්‍රීඩා ,වෙබ් අඩවි ආදිය ඔබෙ Facebook හරහා දත්ත ලබාගන්නවා. ඒ සදහා ඇප්ලිකේෂණ නිර්මාණය කර තිබෙනවා. ඔබේ දත්ත ලබාගැනීමට එසේ අවසර ලබා දී ඇති ඇප්ලිකේෂණ බලාගන්න https://www.facebook.com/settings?tab=applications වෙත යන්න. දැන් කරන්න තියෙන්නේ ඉවත් කරන්න ඕන ඇප්ලිකේෂණ ගාව චෙක් කරලා (හරි ලකුණ යොදලා) remove බටනය ඔබන්න විතරයි. දැන් ඒ ඇප්ලිකේෂණ් වෙත තිබ්බ අවසරය ඉවත් වෙනවා..
භාවිතාවන, අවසර කල් ඉකුත් වු හා පරණ භාවිත කල ඇප්ලිකේෂණ වෙන වෙනම බලාගන්න හා ඒවා ඉවත් කිරීමේ හැකියාව එම ස්ථානයේම පවතිනවා.
භාවිතාවන, අවසර කල් ඉකුත් වු හා පරණ භාවිත කල ඇප්ලිකේෂණ වෙන වෙනම බලාගන්න හා ඒවා ඉවත් කිරීමේ හැකියාව එම ස්ථානයේම පවතිනවා.

04. නෝටිෆිකේෂණ් පාලනය කිරීම – Control Notifications (Android Only)
මේක නම් තියෙන්නේ දැනට ඇන්ඩ්‍රොයිඩ් යුසර්ස්ලාට විතරයි. ඇන්ඩ්‍රොයිඩ් ඔරියෝ සංස්කරණයත් එක්කම නෝටිෆිකේෂන් පාලනය කිරීම හා ඉවත් කිරීමට හැකියාව ලැබුණ නිසා Facebook ඇප් එක හරහා දැන් ඔබට අවශ්‍ය කරන දැන්වීම් පමණක් ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ නෝටිෆිකේෂන් කැටගරි කරලා තියෙනවා අවශ්‍ය කැටගරියකට පමණක් ඉඩකඩ දෙන්න පුළුවන් උදාහරණ ඔබට අවශ්‍ය උපන් දින , අලුත් මිතුරු ඇරයුම් ආදිය පමණක් නම් ඒවා පමණක් නෝටිෆිකේෂන් විදියට ලැබීමට සැකසීමට හැකියි.

05. ඔබේ මිතුරා ලයික් කරන ලද පින්තූර මොනවාදැයි බැලීම – Graph Search
මේක නම් ගොඩක් අයට වැදගත් වේවි. ඔබේ මිතුරන් කරන කියන දේවල් ගැන අවධානයෙන් පසුවන්න කැමති අයට මේ විශේෂාංගය පහසුවක් වේවි. මේ මගින් පුළුවන් ඔබේ යහළුවා ලයික් කරන ලද පින්තූර ඔබට නරඹන්න. ඒකට කරන්න තියෙන්නේ මුහුණු පොතේ සෙවීමක් යෙදීම පමණයි. Facebook භාවිතා කරන සෙවීමේ උපක්‍රම (Graph Search) හරහා දැන් ඒක පහසුවෙන් ලබාගන්න හැකියි. මේ කී වර්ඩ් එහෙ මෙහේ කිරීමෙන් මෙම සෙවුම තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්.
Photos Like by <යාළුවාගේ නම> දාලා සර්ච් කරානම් වැඩේ ගොඩ දැන් පහලින් පෙනේවි යාලුවා ලයික් කරපු පොටෝ ටික.
ඔය keyword ටික වෙනස් කරලා කමෙන්ට් කරපුවා එතකොට යාලුවා ගියපු තැන් එයා එක්ක ගත්ත පොටෝ ආදි සියල්ල කැටි කරලා එකම තැනකින් බලාගන්න පුළුවන්..

06. මග හැරුණු පෝස්ට් නැවත බලාගන්න – Missed Posts
ඔබට මගහැරිච්ච පොස්ට් ඉතින් ආපහු බලාගන්න තියෙනවා නම් ඉතින් පහසුවක් වේවි නේ. ඔබේ යාලුවාගේ ටයිම් ලයින් එකටම යන්න ඕන නැ
https://www.facebook.com/seen කියන පිටුවට ගියා නම් ඔබට මග හැරුණු සියල්ල බලාගන්න පුළුවන්…

07. යාලුවොත් එක්ක එකතුවෙලා වීඩියෝ බලන්න – Watch Party
දැන් ඉතින් ඉස්සර වගේ යාලුවගේ ගෙදර යන්න නැතිනම් කට්ටිය එක තැනකට සෙට් වෙලා විඩියෝ විත්‍රපට බලන්න ඕන නැ. ගෙදර ඉදලා Facebook හි watch party එකක් දාගන්න පුළුවන්. අපිට පුළුවන් අපි කැමති යාලුවන්ට විඩියෝව බලන්න එන්න කියලා ඉන්විටේශන් එකක් යවන්න. එතකොට කට්ටියට චැට් එකක් දාගෙන ඔන්ලයින් අදාල විඩියෝ එක බලන්න පුලුවන් එකතු වෙලා.
ඔයාට අලුතෙන් පෝස්ට් එකක් දාන තැන තියෙන තිත් තුන ක්ලික්කරාම ලැබෙන මෙනුවෙන් “Watch Party” තෝරගෙන ඒ ලැබෙන උපදෙස් අනුව කටයුතු කරන එක විතරයි.

08. රැකියා සෙවීම – Job Search
Facebook මගින් අලුතෙන්ම ඇතුලත් කරන ලද feature එක තමා රැකියා සොයාගැනීම සදහා උපකාර කිරීම. ඔබ ජීවත් වන ප්‍රදේශය පදනම් කරගෙන පවතින රැකියා අවස්ථා මේ හරහා සොයාගැනීමට හැකියි. https://www.facebook.com/jobs/ යොමුව මගින් ඔබට පවතින රැකියා හා බදවා ගැනීම් පිලිබද විස්තර ලබාගන්න පුළුවන්. තවමත් මෙය ලංකාවේ එතරම් ප්‍රචලිත නැතත් මෙය බොහෝ රටවල යොදාගනී.
ඔබ ව්‍යාපාරයක් සදහා වු මිතුරු පිටුවක ඇඩ්මින් වරයෙක් නම් රැකියා දැන්වීම් පලකල පසු අයදුම් පත්‍ර කැදවීම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තෝරාගැනීම ආදි පහසුකම් අලුතෙන් ඇතුලත් කරලා තියෙනවා.
මේ මගින් අයදුම් කරන්නෙකුට සිය මුහුණු පොත් ගිණුම හරහාම අයදුම් කිරීම කල හැකියි.

10. අරමුදල් රැස් කිරීම – Fund Raising Programs
විශේෂ අරමුණු වෙනුවෙන් මුහුණු පොත් හරහා අරමුදල් රැස් කිරීමේ කටයුතු බොහෝමයක් ඔබට දකින්නට පුළුවන්. ගොඩක් වෙලාවට මේකට කරන්න වෙන්නේ අපේම කියලා බැංකු ගිණුම් විස්තර පල කරලා ඒ හරහා මුදල් රැස් කිරීමයි. නමුත් දැන් මුහුණු පොත හරහාම මුදල් රැස් කරගැනීමට හැකියාව තියෙනවා. මෙසේ අරමුදල් රැස් කිරීම වෙනුවෙන්ම පවතින වෙබ් අඩවි වල ඇති සියලු පහසුකම් මෙහිදී ද අත්විදින්න පුළුවන්. එම වෙබ් අඩවි වලට වඩා රැස්කරන්නාගේ සියලු විස්තර ආදි විශ්වසනීයත්වය සියල්ල මෙහි වඩාත් පැහැදිලිව දකින්න


0 Comments